" සරාගී ප්‍රියංකා "
සියයට දෙසියයක්ම නුඹ සරාගී ලඳකි
නුඹේ එක් පාදයක වෙළඳපොල වටිනාකම
කෝටි හතකි
නුඹේ සිරුර තක්සේරු වන්නේ කෙසේද ?
මිනිසුන් සිතාවි නුඹ
මුදලට යහන්ගත වන්නියක් කියා
නුඹ එසේද ? නුඹ නොඑසේද ?
නුඹ ගොඩ නගා ගත්
" කිර්තිනාමය "
ප්‍රශ්න කිරීමට අප කවුරුද ?
නුඹ සමඟ සිහිනෙන් යහන්ගත වන්නෝ
සිහිනෙන් අවධි වූ විට නුඹට වේසාවි කියති
මා නම් නුඹව තක්සේරු කරන්නේ නැත
දකින දකින තැන නුඹේ රුව
සුපර් හිට් වන බයිස්කෝප් සිට වෙළඳ දැන්වීමක දක්වා
ලොව අංක එකේ බොලිවුඩ් රැජිණ
"Daddy's little Girl"
මැණික් කටුව අසල කෙටූ පච්චය
නැත එය හංවඩුවකී ගැසුවද නොගැසුවද
එය පියාගෙන් නුඹට ලැබෙන හංවඩුවයි
නුඹේ රැඟුම් අගයන්නට නොසිතුවෙමි
එය ලෝක විනිශ්වයට අද වන විට පත් වී
ඉතිං මා කවරෙක්ද ?
නමුත් මෑතක ඉස්මතු කල
නුඹේ ගායන කෞශල්‍යය
ස්වර තන්ත්‍ර ගැන මා දන්නා
ඉටිගෙඩියක් නොමැත
දෘශ්‍යය නුඹ නූල් පොටක නැතිව සිටියත්
එය මට අදාළ දෙයක නොවේ
නමුත් හොලිවුඩ් ළඳක මෙන් ඉදිරිපත් කරනා
නුඹේ ශ්‍රව්‍යය මා පිනවයි
සැබවින්ම එහි නුඹේ සිදාදියට කරන ආරාධනාව ඇත
'Welcome to MY city'
එසේ නම් ....
'EveryBody Welcome To HER City'
| අනූ පෙරේරා
Comment with Facebook