" finAlly "
| අනූ පෙරේරා
2014-October-23
සිහින සැබෑ වෙනවිට දැනෙන සතුට
සිහින බොඳ වන විට දැනෙන ආවේගය
රේල් පීළි දෙකක් වගේ
සමාන්තරව අපිත් එක්ක
ලැබීම නොලැබීම
සැප දුක
ඔය සමාන්තර රේඛා දෙක අතර
දෝලනය වෙමින්
ජීවිතය එපා කියන විටදී
තව තවත් ජිවත් කරන ජීවිතය
විටෙක සිනහව විටෙක කඳුළු දෙමින්
අපි හා කරන මේ සෙල්ලම
ලෙල්ලම් වන්නේ අප පරාජිතයෙකු ලෙස
ලොවටම අඩහැර පාමිණි
අප නොදන්නවා උනාට
මේ භූමිය හුස්ම ගන්නවා
අපි තියන අඩියක් අඩියක් ගානේ ඇයට දැනෙනවා
ඇය නොදැනෙනවා ගානට අහක බලාගෙන ද ?
මේ ස්භාව ධර්මයට නොතේරෙනවාද ?
නෑ ඇය අවධියෙන්
ඇය පිරික්සුමෙන්
මිහිපිට පණ ඇති සැම සත්වයාම
ඇගේ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයනවා
මේ ඕනෑම ආත්ම භවයක අපේ ලකුණු අපිට ලැබෙනවා
මගේ අධිෂ්ඨානයක ලකුණක් මටත් ලැබුනා
හැමදාමත් වගේ ආඩම්බරයි මට මං ගැනම
මධ්‍යම පාන්තික මම වගේ කෙනෙකුට
ධන කුවේර නුඹේ පයට පෑගෙන දුහුවිල්ලත්
- සිහිනයක් -
ධනේශ්වර නුඹට ඇති මට නැති දේ වෙනුවෙන්
මා පිං සේන්දු වන්නේ නෑ
දුගී නුඹට නැති මට ඇති දේ වෙනුවෙන්
පුහු ආඩම්බර ගන්නේද නෑ
දිනකදී මට අහිමි වූ එතැන් පටන් සිහිනයක කරගත්
සිව්මසක යතාර්ථවාදී සිහිනයක්
" විකාර කියවන්නේ නැතුව මොකද්ද කියපන්කො "
" මම ෆෝන් එකක් ගත්තා "
" කීයද ? "
" ඇයි අහන්නේ ? "
" මගේ ඇපල් ෆෝන් එක ලක්ෂ එකහාමාරක් වුනා. ඒකයි "
" ශෝක්නෙ. මගේ එකට විසි අටදාහක් විතර ගියේ. හැබැයි මට ඒක කෝටි විසි අටක් විතර වටිනවා "
" ඒ කොහොමද ? "
" ඔයාට ඕක කවුරුත් අරන් දුන්නට මම මගේ ෆෝන් එක ගත්තේ මගේ සල්ලි වලින්. සතයක් ගානේ මගේ සල්ලි. අමාරුවෙන් ඉතුරු කරගත්තු සල්ලි වලින්. ඒ නිසා ඒකට ලොකූ වටිනාකමක් තියෙනවා යාළුවා "
" අහ්හ් එහෙමත් පුළුවන්ද ? "
" මොකද අනේ බැරි !!! "
#never #give # up #your #dreams
Comment with Facebook