" ආයු බෝ වේ "
| අනූ පෙරේරා
-In a Relationship with Life
දෙහදක්
ආදරයට ආදරයෙන්
හේමන්තයේ
සීතලේ වෙලෙමින්
උණුහුම්
වෑහුණු නුඹේ ලයෙන්
පිහිටක්
පැතුවා හෙමින් හෙමින්
ආගන්තුකයෙකි
මගෙහි සිතේ
එනමුත්
ආදරයක් ඉපිද ඇතේ
නුඹේ ඇස්
අස්සේ මා ඇත්තේ
ස්පර්ශය
දැන් නම් දැනෙයි හදවතේ
සුළගේ
එවන්න පණිවිඩයක්
පිළිතුරු
ගෙනේවි මල් කළඹක්
ඉඩ දෙන්න
හිනැහි විනාඩියක්
අඩුවක්,
දැන් නෑ මේ සුසුමක්
කළු සුදු
නෑ මේ ජිවිතේ
මුහු කරමු
පාට සමගින් ජිවිතේ
දෙන්න-එන්න
විනෝද වසන්තේ
නව රටා
එක් කරමු සිත මත්තේ
ඔබ ඒද මා
හා නටන්න
මම එන්නද
ඔබ හා නටන්න
යුග ගීයක
තනුවක් තනන්න
හැකි
වේවිද එය හා ගයන්න
නොපෙනී යන
දේ ගියාවේ
පැමිණෙන
මාරකෙත් හොඳ වේ
වටිනාකමක්
ඇති නම් සිනාවේ
නුඹට
ජිවිතේ ආයුබෝවේ
Comment with Facebook