ආල මව්
සිත්තම් මායා | තිළිණ නදීශාන්
දහඩිය කඳුළු සිත තුල ගුලි කර තබලා
නෙතු මුතු වැටෙයි ලොවටම සතුටක් මවලා
වැහි බර දිනක මා ඔබේ තුරුලට කරලා
සෙනෙහස පොවයි කඳුළු නිති තිත තියලා
හෝඩිය නොදත් මට ඔබ පද වැලක් වුනා
දන ගා ඇවිදි මට ඔබ වාරුවක් වුනා
මා ලෙඩ වු දිනට ඔය නෙත නම් නිදි නොවුනා
නින්ද නොදී මා අසලින් සැමවිට රැඳුනා
කටුමැටි ගාපු බිත්තියේ මගේ අත වැදුනා
මගෙ නෙත හඬනවට වැඩියෙන් ඔබ හඬනා
වරදක් කරපු විට ඔය අත මට දිගු කෙරුනා
එනමුදු පසුව ඔබේ අත වෙත ඔබ බැන්නා
රොද දෙකක් තිබෙනා රියකට වැඩියෙන්
ඔබ නැග ගිහින් නැත මා දන්නා තරමින්
මගේ සිත තදින් තද කර මා හැකි පමණින්
රෝද හතර ගන්නා තුරු අඩු තරමින්
සිත වෙහෙසයිද මගේ මතු දින ගැන හිතලා
ගත වෙහෙසයිද මහමෙර මිටියෙන් බිඳලා
ආලය ගලයි කදුලැලි වැස්සෙන් මිදිලා
ප්‍රේමා නමින් මගේ ආදර මව දිදුලා
- තිලා
Comment with Facebook