මෙහෙණියක විවරණ
මෙහෙණියක විවරණ
සිත්තම් මායා | තිලිණ නදීශාන්
දළු ලා වැඩුනු අප පෙම් කෙත මතු ආයේ
මෝරා නැගෙනු නැත මතු දින කිසි යාමේ
බෝ මුල ගැවීස ගත් බෝපත් පැගෙන නාදේ
සිත් රූ මවයි ඔබ සක්මන් යන තාලේ
සිත නිති නිමයි ඔබේ දෙසුමන් ඇසුමෙන්
කලුවර බිදෙයි ඔය නෙත ගැහෙනා සැරයෙන්
සුමියුරු මතක මිටිකර තද කර තබමින්
ඔබෙ මග පැමිණ පා යුග මම වඳීමි තුටින්
දම් කද මුවින් පිට වී යන විට ඔබගේ
හදවත සිසිල් වෙයි බෝ මැඩ මුල මාගේ
කහවත පොරවගෙන යන මෙ නිහඩ මගේ
පා පිස්නාව වෙන්නද නිති මම ඔබගේ
කිරි කැටී දා සිට අප දෙදෙනා දන්නේ
මුවගින් නොකිවත් හදවත් පෙම් බැඳුනේ
මව් පිය සෙනේ ඔබ හැර ගිය සමයේ
පන්සල තමා ඔබ හට රැකවල් බැන්ඳේ
සොයුරිය පෙම්බරි ලෙස ඔබ මා හදේ සිටි
ගනදුර සිදුරු කොට දම් තෙද බල විහිදුවති
ඔබ යන මගේ ඔබ පාමුල මතට වැටි
පෙම නොව පතමී දම් මග පෙන්වනු මැනවී
- තිලා
Comment with Facebook