Laptop ජීවිත පාඩම
Laptop ජීවිත පාඩම
සිත්තම් මායා | අනූ පෙරේරා
දෛනික ලිවීම ඇරඹුවේ නම් මෙම ලිපියෙන් නොවේ. එම ලිපිය දැන් පසුවන්නේ අතීත කාලයේයි. ඉහළට ඇදි එක හුස්මට යතුරු පුවරුවේ අකුරු මා විසින් මැව්වා මතකය. ඒවා කාට නැතත් මටම රසවත් විය. මම ඒ රසය විඳිමින් එම යැයි සැලකෙන ලිපිය ලිව්වෙමි. දැන් ඒ වචන දෙවැනි වරක් ලෙස දැඟිලි මතින් එළිබහින්නේ නැත. අහෝ දැන් මා කුමක් කරම්ද ?
ලිපිය ලිවීමට පටන් ගත්තේ වින්ඩෝස් පද්ධතිය ලබා දුන් නෝට්පෑඩ් යන මෘදෘකාංගය මතය. සේව් බොත්තම නොඑබිමේ වරදට මේ මොහොතේ මා හැඟුම්බරව ලිවූ එම ලිපිය සුනුවිසුනුව ඇත. එය මගේ වරදක්ද නැතිනම් අහම්බයක්ද ? පරිඝනකය යලි පැනනැන්වුනේ ( restart ) මා විසින් රසවත් කරගත් සෑම අකුරක්ම මාගේ දෑස් ඉදිරියේ බොඳ කරමිනි. නෝට්පෑඩ් තබාගන්නේ තාවකාලික මතකයක් පමණි.
නැති වූ දේ ගැන දුක්වන මොහොතේ අළුත් යමක් සිතන්නට, එය නව හැරවුමක් කරගන්නේ නම් කෙතරම් අපූරුද ලෙස සිතූ මා එයම ජීවිත පාඩමක් කරගත්තෙමි. සැබවින්ම ජීවිතයත් මේ පරිඝනකයේ ඇති නානාප්‍රකාර දේවල් මෙනි. අපි ඇසුරු කරන ඇතැම් මිනිසුන් නෝට්පෑඩ් මෙන් තාවකාලිකයි, නමුත් ජීවිතයේ සේව් බොත්තමෙන් ඔවුන්ව අපි ළඟම තබාගත හැක. අපි කෙතරම් සේව් කරගත්තද දිනෙක ඔවුන්ටම අපිව එපා වුනු විටෙක වෛරස් එකක පිහිටෙන් අපේ ජිවිතයෙන් ගැලවී යනු ඇත.
නමුත් සතුට සහ වාසනාව යනු ඇතැම් සමීපතමයන් අපි විසින් ජීවිතයෙන් ඈත් කළද රිසයිකල් බින් ( recycle bin ) එකේ පවා ඉඳ අපි සමඟ නෑ හිතමිතුරු කම් පවතා ගැනීමට උත්සහ දරයි. වාසියක් නැති තැන අපිව තනි කරන අධමයන් අතරේ එවැනි උත්තමයන් සිටින්නේ අතලොස්සකි. අතලොස්සෙ බහුතරය ' දෙමව්පියන් ' යන පට්ටම් නාමයෙන් පිදුම් ලබයි.
ලිපිය අහිමි කරමින් පරිඝණකය ලබා දුන් ජීවිත පාඩම එයයි.
- අනූ
Comment with Facebook