රතු ජෙල් පෑන
රතු ජෙල්
පෑන
සිත්තම් මායා | අනූ පෙරේරා
අපි ගහකට
නැග්ගොත්
ඒකෙත් දෙබලක්
කියනවනේ
සතාව සත්‍යාපනය කරමින්
අද කොටුවේ
හරස් වීදියට
ගොඩ බැස්සා
අපේ ඊලඟ project
එකකට
ටක් ටික්
පෑන් සොයමින්
කෝ ඉතිං
කලබලේනේ
මුල්ම කඩවල
පෑනක මිලදී
ගැනීමේ පිරිවැය
හෙන ගණන්
මේක අරන් print එකට දීලා
එහෙම අතට
එනකොට අපිට හෙන ගණන්
අහ් ඕවා
දන්නෙ නෑනෙ
මුලින් කඩවල් 30කට විතර ගියාම
20කම අපි හොයන සාමන්‍ය පෑනක් නෑ
ඉතුරු 10යේ මෙලෝ රහක් නැති එව්වා
සැර ගනන්
වලට තියෙනවා
ඒ උනාට
කතාව නම් කොහොමද
කොටුවේ හරස්
වීදියකට බැස්සම මොනවද ගන්න නැත්තේ කියලයි
සැට් එකටම
තද වෙලා
වැඩේ අත ඇරලා
දැම්මා
මේ මොන
මඟුලක්ද යකෝ
මට පෞද්ගලිකව රතු ජෙල් පෑනක් උවමනා කරලා තිබුනා
" ඒ මේ මං රතු ජෙල් එකක් අරන් එන්නම් පොඩ්ඩක් ඉන්ට "
මම කඩේට
ගිහින් රතු ජෙලක් ඇහුවා
" නෑ මිස් "
හරි ඉලඟ
කඩේට ගියා
" නෑ මිස්ස් "
ඉලඟ ?
" නෑ මිස්ස්ස් "
අම්මපා මේ හරස් වීදිද ?
හයවෙනි කඩේ
රතු ජෙල් තියෙනවා
හැබයි බිලක්
දාන්ට ඕනෑ
" හා "
කැශියර් එකෙන්
කැශියර් එකට
මම යනව
බිලක් අරගෙන
මේ පොඩි
රුපියල් විස්සක
දහඅට වංගුවේ
කැරකෙනවා වගේ
මේම ගියොත්
ටොපියක් ගන්නත්
බිලක් දාගන්න
වෙයි වගේ
- අනුවා
Comment with Facebook