උඳු වඩේයි - වෙඩි සද්දෙයි - උතුරුකරෙයි
උඳු වඩේයි - වෙඩි සද්දෙයි - උතුරුකරෙයි
සිත්තම් මායා | අනූ පෙරේරා
එය තරමක හුදෙකලා චාරිකාවක්
ලංකාවේ කෙළවරකට ඇදුන
යාල්පානමෙන් නොනැවතී
කන්කසන්තුරයටම
හරියට පුංචි දකුණු ඉන්දියාව වාගේ පෙදෙසට
ඇතුළු වන්නාක් මෙන් හැඟුණ
හරියටම දමිළ චිත්රපටයක ජවනිකා මෙන්
දෑස් ඉදිරියේ දිස්වන
උතුරකරයේම කරක් ගසන්නට
ඉවක් බවක් නැතුවම
හැබැයි මට මතකයි
එතකොට මං පොඩියි
අලිමංකඩ, ඕමන්ත, පරන්තන්, කිලිනොච්චි
සමඟින් මුළු වන්නියම
හරි හරියට රූපවාහිනී ප්රවෘත්ති වල
නිතර ඇසෙනකොට
අඩියෙන් අඩියට
පීඩන බෝම්බ වැළලී තියෙනකොට
වෙඩි වරුසාවක හඬ
නෑසෙන දිනයක් නොතිබෙනකොට
එකම ලෙයක්
ලංකාදේශය
දෙකට බෙදාගන්නට බැරිව
සටන් වදිනකොට
අතරමැදියන්
ප්රාණ ඇපකරුවන් වූ යුගයක
දෙයියනේ ... අපිත් ජීවත් උනා නේද
උතුරු යුද්ධෙ කොලොම්පුරේට පවා
බලපෑවා නේද ....................... ( මතු සබැඳි )
#අනුවා
Comment with Facebook