පොෂ් කෙල්ලෝ
පොෂ් කෙල්ලෝ
සිත්තම් මායා | අනූ පෙරේරා
දනිහෙන් ටිකක් උඩට ඇඳගත්තම
ලිප්ස්ටික් කියුටෙක්ස් ටිකක් උලාගත්තම
පොඩි පොඩි කඩු කෑලි සිංහල අතරට දැම්මාම
kfc , mac වලින් ලන්ච් එක ගත්තම
odel , kelly felder ඇඳුම් ඇන්දාම
චූටි චූටි ඉංගිරිසි ජෝක්ස් වලට
කට කොනකින් හිනා උනාම
සමාජයක්
උන්ට පොෂ් කෙල්ලෙක් කියනවා නම්
එතැනින් එහා කිසිම තර්කයක්
මම ගෙනහැර පාන්නේ නැත
මොකද
මම උන්ව විෂයක් ලෙස හදාරා නැති නිසා
හැබැයි මට අනුව
පොෂ් හී අරුත
සරාගීත්වය නම් නොවෙයි
#අනුවා
Comment with Facebook