සෙංකඩගල මැණිකේ
සිත්තම් මායා | අනූ පෙරේරා
මට හිතුනෙම නෑ
ඇගේ කකුල්
රිදෙනවා ඇති කියලා
මට හිතුනෙම නෑ
ඇගේ ඇඟපත
තලා දාලා වගේ ඇති කියලා
මට හිතුනෙම නෑ
ඇයට හරි
තෙහෙට්ටුයි කියලා
මට හිතුනෙම නෑ
ඇයට බඩගිනි ඇති කියලා
මට හිතුනෙම නෑ
ඇයට දැන් ඇති කියලා
සෙංකඩගල මැණිකේ
ඔයාට අමාරුද ?
#අනුවා
Comment with Facebook