කෝච්චි සැට් එක
කෝච්චි සැට් එක
සිත්තම් මායා | අනූ පෙරේරා
කිව්වා වගේ මේ ලියන්නේ
ඔවුන් ගැන
අහම්බයෙන් දුම්රියේදී මුණ ගැසුන ඔවුන්
ජීවිතයේ වැදගත් ස්ථාන හැම එකකදීම වගේ
දැන් දැන් ලඟින්ම ඉන්නවා
එතැන
පොඩිම එකා මම
කුරුණෑගල ඉඳන්
කොටුවට යනතුරා
හිටගෙන ගියත්
නෑනේ මහන්සියක්
කිසි කකුල් රිදිල්ලක්
ඔවුන් ඉන්නවා නම්
ලොස් නැතුව හිනා වෙන
ලොස් නැතුව කන බොන
ලොස් නැතුවම බයිට් වෙන
හැමේකටම
දත් විලිස්සාගෙන
මාත් ඉන්නවා හිනා වීගෙන
අම්මපා කියන කතා වලට
අහලක අයෙකුට හිනා යන්නැත්තම්
ඒ යකා බීරෙක්
මහව දෙවැනි කෝච්චියේ
අගට වෙන්න පාළු මකන
එයාලා
මගේ කෝච්චි සැට් එක
#අනුවා
Comment with Facebook