උඳු වඩේයි - වෙඩි සද්දෙයි - උතුරුකරෙයි II
උඳු වඩේයි - වෙඩි සද්දෙයි - උතුරුකරෙයි II
සිත්තම් මායා | අනූ පෙරේරා
( මතු සබැඳි )
ඒ දවස්වල නම්,
යහමින් උඳු පිටි දැමූ
උඳු වඩයක බැඳුම් සුවඳ
නඩේෂන් මාමාගේ කඩයෙන්
නොඑන්නට ඇති
ඒත්...
අද ඊළමේ වැසියන් ( පුනරුත්ථාපනය කල )
සිංහල අපි එක්ක
හරි හරියට
කැඩුන සිංහල වචනෙකට දෙකකට
දෙමළ හෝඩියම ඔබාගෙන
කදේ දාගෙන
මසාලා තෝසයක් කන ගමන්
අපිත්
කැඩුන දෙමළ වචනෙකට දෙකකට
සිංහල හෝඩියම ඔබාගෙන
කදේ දාගෙන
එහින්දා මට තවමත්
ජාතිවාදයේ අගක් මුලක් නොතේරෙයි
ඒකමද මන්දා
යාල්පානමෙන් එන්ට හදනකොට
මුළු හදවතම
අකැමැත්තෙන් රැගෙන එන්නට
වගේ හැඟීමක
මං ගිලිලා හිටියේ
" හිතවත් ප්රභාකරන් "
" ඔයා ආයේ එන්න එපා
නයනතාරා නංගි අද අපි එක්ක ආගන්තුක විදියට කතා කරන්නේ
ඔයා නිසයි
ශ්රීමති අක්කගෙයි සිරිමල් අයියගෙයි කසාදේ කටු ගෑවුනේ
ඔයා නිසයි
ලංකාව හුඟක් පොඩියි
ඒකෙ බෙදන්න තරම් දෙයක් නැහැ "
#අනුවා
Comment with Facebook