අපි
Siththam Maya | Nisansala Dharmasena Bertholamuze
ඉමුද අපි රැඩිකල් කවියක් දෙකක් ලියාගෙන
රොමාන්තික පදවැලක් ගොතාගෙන
පානුයි පරිප්පුයි එක්ක
කහට උගුරක් බීගෙන
ඇවිද යමු අපි
සින්තටික් සිහින අතරින්
දෑත් අල්ලාගෙන
අතරමගදී හාදු වැස්සක් නෙලාගෙන
වැතිර ඉමු අපි
වෙරළ රැළි මත
ජීවිතය නැවතත් සොයාගෙන
#nishi
Comment with Facebook