උඹේ පදය
සිත්තම් මායා | අනූ පෙරේරා
උඹ
නිහඬව හිඳිනා කල්හි
ඇයි උඹ, උඹ ගැන ලොවට නොකියන්නේ
මිනිසුන් අසාවී
උඹ
පෙරළියක් කරනා කල්හි
මූ මොන පිස්සෙක් ද
මිනිසුන් කියාවී
උඹට
ඕනෑ නම්
මිනිසුන් ගහන පදේට නටන්නට
උඹ නොදිනාවී
උඹ
ගහපන්
උඹේම පදයක්
මුළු ලොවක් දිනෙක එයට නටන්ට
#අනුවා
Comment with Facebook