කැළණි කැම්පස් එකේ දවසක් II
කැළණි කැම්පස් එකේ දවසක් II
සිත්තම් මායා | අනූ පෙරේරා
“ නංගි තමුසේ කාලද ආවේ ? ”
නිකම් ශේප් තියරියෙන් වගේ අරූ මගෙන් අහපි.
“ අනේ නිකම් මෙහ්හ් පිස්සු නටන්නේ නැතුව මට කන්න
අරං දෙනවා ”
උන් කොහෙද මේ මගෙන් ගැලවෙන්නේ. අනික කෑමක් බීමක්
ගැන ඔය විදියට සුළුවට හිතන්න පුළුවන්ද ? දෙයියෝ කෝප වෙන්නත් පුළුවන් ඔය වගේ දේවල්
වලදී.
“ මොනවද ඕයි, මගේ අතේ තියෙන තුට්ටුවට කෙලින්න
තමයි තමුසෙත් හදන්නේ ”
අනේ මන්ද, ඒ වචනේ දැම්මට කමක් නැද්ද මන්දා, ඒත්
ඔහොම තමා එයා හරියටම කිව්වේ.
“ මේ... බලපල්ලකෝ ... සල්ලි තියෙන මිනිස්සුත්
මෙහෙමනේ අද කාලේ ”
“ කුණුහරප අහගන්න එපා යකොව් ”
අතේ දම්පාටට හුරු මුදල් නෝට්ටුවක් ගුලිකරගෙන ඔන්න
ඔය විදියට මාත් එක්ක යාළු ෆිට් එකට රණ්ඩු වේවි අපි ගියේ හොස්ටල් එක ඇතුලෙම තියෙන පොඩි
කඩයක් ඇතුලට. ඔව්, කැන්ටිමට අපේ කකුල් නිකම් යන්න බෑ වගේ එකක් කිව්වේ නිරායාසෙන්ම
වගේ. කවුරු කවුරුත් ඒ ඇයි කියලා දන්නවා ඇතිනේ.
“ මොනවද කන්නේ ? ”
මං හිතන්නේ අර දම් පාට මුදල් නෝට්ටුව තවත් තදින්
ගුලිකරගෙන මගේ යාළුවා කට වරද්ද ගත්තාද මන්දා. ;)
“ හානේ.... ඔන්න ඔහොම කතා කරන්නකෝ අක්කණ්ඩියේ
.... ”
“ මට පව් නොදී ඉක්මනට කියනවා ”
“ ම්ම්ම්ම්ම්..... මේ...... වෙලාවේ හැටියට
............. මයිලෝ එකක් හොඳයි, තව...... හපන්න චොක්ලට් බිස්කට් ලොකු පැකට් එකක්
හොඳයි......... ම්ම්ම්ම්ම්ම් ...... ආයේ කඩේ එන්න ඕනේ නෑනේ, ඒ නිසා නිකං බයිට් එකට
වගේ මුරුක්කු පැකට් දෙක තුනක් ගමු..... මේ...... ”
“ හා.... හාහ් .... ඇති ඇති ”
කියපු මේ ගොන් තඩිච්චි ( ආවේගෙට වගේ කියවුනේ ) ,
මංකොල්ලකාරයෙක් වගේ මගේ බෙල්ලෙන් අල්ලගෙන කට වැහුවා නෙවෑ. හැබැයි මොනා උනත් අර
කියපු ලිස්ට් එක ඒ විදියටම අරං නම් දුන්නා, අමතරව උට පැනඩෝල් දෙකකුත් ගත්තා.
ඔන්න ඔය විදියට එනකොටම පාත් උන කෑම සිද්දිය ඉවර
උනා. දැන් මේ උදවිය කල්පනා කරනවා ඇත්තේ අර පලවෙනි කොටසේ කතා උන ව්‍යාපෘති මාතෘකාව
වෙන්ටෑ. පොඩ්ඩක් ඉන්න ඉතිං. තාම මේ ඒ පැත්තට යන ගමන්...
කන ගමන් ඉස්සරහට යමු.......
#අනුවා
Comment with Facebook