අම්මා, සුභ උපන්දිනයක් වේවා
අම්මා, සුභ උපන්දිනයක් වේවා
සිත්තම් මායා | අනූ පෙරේරා
අම්මගේ උපන්දිනේ, අද නෙවෙයි ඊයේ. හතේ කෝච්චියෙන් කොලොම්පුරේට
ඇදෙන්න මං නැගිට්ටේ 6 ට වගේ. සොම්බි කෙනෙක් වගේ ඈනුමක් දෙකක් අරින අතරේ
කුස්සිය පැත්තට යනකොට අම්මා හිටියා තාත්තගේ කලිසමක් අයන් කර කර. අම්මගේ
උපන්දිනේ අද. එලාම් එක තිබ්බා වගේ මට මතක් උනා.
" කෙල්ලේ..... හැපී බැර්ත්ඩේ කිව්වා එහෙනං ඈ.... "
දුවගෙන ගිහිං අම්මගේ ඇඟේ එල්ලිලා තද කරගෙන මිරිකගෙන හපාගෙන
විශ් කරපු විශ් කිරිල්ලට තව ඩිංගෙන් අම්මා අතේ තිබුණ අයන් එකෙන්ම මාවත් අයන්
කරලා දානවා.
" දැන් කීයද වයස ? තිස්ස්ස්ස්ස්ස්ස්............... "
මං ප්‍රශ්නාර්තයක් මූණේ තියාගෙනම අම්මගේ කටින් උත්තරේ ගන්න මාන
බැලුවා.
එයා හිනා උනා, වෙන මුකුත් කිව්වේ නෑ. විශ් එකට තැන්කියු කියලා වත්
කිව්වේ නෑ. මං ඒක බලාපොරොත්තු උනෙත් නෑ. මොකද ඒ මගේ අම්මා නිසා. එයාගේ
හැටි එහෙමයි. එයාව මං තේරුම් අරං ඉන්නේ.
පහුගිය වතාවල් වලදී වගේ මගේ අතේ අම්මා වෙනුවෙන් කිසිම තෑග්ගක් නෑ
මෙදා පාර. ඒක ලැජ්ජාවට කරුණක් ද මං දන්නේ නෑ. හැබැයි මට ඕනේ අම්මා වෙනුවෙන්
ලොකුම ලොකු දෙයක් කරන්න. කිසිම දරුවෙක් තමන්ගේ අම්මා වෙනුවෙන් කරන්න තුන්
හිතකවත් නැති දෙයක් කරන්න.
ඒත්.... එයාට ඒ දේවල් වල වටිනාකමක් නැති වෙයි. මොකද එයා ඒ තරමට
සරල කෙනෙක්. කිසිම බලාපොරොත්තුවක් නැතුව හිතේ සංතෝසෙන් ජීවත් වෙන
කෙනෙක්. මං හිතන්නේ හැම අම්මා කෙනෙක් වගේම .......
#අනුවා
Comment with Facebook