කරන දේ ආදරෙන් කරන්න
කරන
දේ ආදරෙන් කරන්න
සිත්තම් මායා | අනූ පෙරේරා
අපේ අම්මට පුරුද්දක් තිබුණා ඇන්තුරියම් පැල
හිටවන. මට නම් ඒක පෙනුනේ උමතුවක් විදියට. දැන් වැඩිපුර නැතත් ඒ කාලේ අපේ ගෙදර
නානාප්‍රකාරයේ ඇන්තුරියම් ජාති තිබුණා. ඔය ඉස්කෝලේ කාලේ එක එක ඩේ ස් එනවනේ, කොමස්
ඩේ කියයි සයන්ස් ඩේ කියයි ආර්ට් ඩේ කියයි. එක එක කෙහෙල්මල්. ඉතිං ඔය හැම
කෙහෙල්මලටම මම ඇන්තුරියම් මලුයි පයිනස් කොලයි බාර ගන්නවා. (පස්සේ පස්සේ නැති උනා,
ඉතාම සාධාරණ තර්ජන හේතුවෙන්) මම පොර වගේ බාර ගත්තට මොකද ගෙ”දර ඇවිල්ලා අම්මට
කිව්වම අම්මගේ මූණ රතු වෙලා, ඇද වෙලා, කොර වෙලා යනවා.
“ මෙදා සැරේ විතරයි ඔන්න ”
කෝමින්
කෝමින් හරි බර බරේ දාලා එහෙම ඇන්තුරියම් මල් 10 කට විතර වැඩේ දෙනවා.
“ තියෙන මලත් කපන් යනවා මිසක් හිටවන්න
එපා ගහක් කොලක් ”
කියලා
අම්මට කිව්වට කොහේ තියෙන වෙලාවක් ද අනේ ඔව්වට. (එහෙම අපි හැමෝම හිතාගෙන ඉන්නවා,
උවමනාවට කාලය මවන්න පුළුවන් කියලා කාට කාටත් අමතකයි )
දවසක් හැන්දෑවක පොඩ්ඩක් වත්ත පිටිය
පැත්තට බහිනකොට අම්මා ඇන්තුරියම් පැල එක්ක හෙනම යුද්ධයක්. සීන් කෝන් එක මොකද කියලා
බලන්න ලඟට ගියාමයි දැක්කේ එයා පැල ගලෝගෙන අළුත් පෝච්චි ටිකක් ලං කරගෙන උපකරණ සෙට්
එකකුත් ලඟින් තියාගෙන හෙනම කතන්දරේක පැටලිලා. එතැනම තිබ්බ ගඩොලක් ඇදගෙන මමත් පස්ස
තියාගත්තා ඒ උඩින්. පොඩි පිහියක් දකුණු අතේ හිරකරගෙනම නළලට වහලා තිබුණ දාඩිය බිංදු
කීපයක් පිහියත් අතැතිව පිහලා දැම්මා.
“ මහන්සි ද ”
“ අපෝ නෑ , මොකද මේ පැත්තට එන්න
හිතුවේ ”
“ නිකං ඉතිං, ඇයි අපිට එන්න හොඳ නැද්ද
? ”
ඇය සිනා සුනා පමණි
“ අම්මේ....”
“ ම්ම්ම්ම්ම්.... ”
“ ඇයි ඔහොම ? ”
“ ඒ කිව්වේ ? ”
“ නෑ ඉතිං අනේ මන්දා ”
“ දන්නවද ? ”
“ම්ම්ම්හ්හ්හ් ...”
“ අපි කරන දේ හරි ආදරෙන් කරන්න ඕනේ ”
“ මල් හිටවන එකද ”
“ ඒ විතරක් නෙවෙයි, ජිවිතේ කරන හැමදේම සර්ව
සම්පූර්ණ වෙන්න ඕනි නෑ. ඒ දේ ආදරෙන් කරන්න එතකොට අසාර්ථකත්වයක් උනත් පස්සේ කාලෙක
මතක් වෙද්දී හිතට සතුටක් දැනෙනවා ”
අම්මා කියපු දේවල් වලට එදා මම ඔළුව වැනුවා
විතරයි. කිසිම දෙයක් ඔළුව ඇතුලට නම් ගියේ නෑ. හැබැයි අත්දැකීම් වලින් පෝෂණය වෙනකොට
තේරෙන්න පටන් ගන්නවා අම්මලා පුංචි කාලේ දුන්න උපදෙස් කොච්චර ප්‍රයොගිකද කියලා.
#අනුවා
Comment with Facebook