අපි ඉපදෙමු මිනිස් කුලයක
අපි ඉපදෙමු මිනිස් කුලයක
සිත්තම් මායා | අනූ පෙරේරා
කුමක් කරන්නද
උපතින්ම මට උරුම විය
උඹලාගේ රස වෑහෙන මස
කුසගින්න ඉදිරියේ
උඹේ මාතෘත්වය
මට අමතකම විය
උඹේ බොටුව දිග
එකම එක ඛේට උගුරක්
පහලට ගියා
සැනසීමෙන් හෝ බිය නොවෙමින්
දැනුනා මට
උඹේ අමරණීය බව
ඒ බොටුව ඉරා දමන්නට පෙර
නොදුටුවා නොවෙයි
උඹේ තේජාන්විත දෑස
බලාසිටියා අභිමානයෙන්
උඹේ දරුවන් පලායන දෙස
මස් වැදලි එල්ලුන
උඹේ ඇටකටු ශරීර කූඩුව
දකින වාරයක් පාසා
පිළිස්සෙනවා
මගේ මුළු සිරුරම
උඹේ ඒ සෙනෙහසින්
සමාවෙන්න සොඳුර
උබේ දරු සෙනෙහස පරයා
කුසගින්න ලොකු කරගත්තාට
මතු බවයක
අපි ඉපදෙමුද
මිනිස් කුලයක
කිසිවෙකුට වෙන් කරන්නට බැරි විදියට
- එක් චීටාවෙකු
#අනුවා
Comment with Facebook