හෙමින් යන එක හරි රොමෑන්ටික්
සිත්තම් මායා | අනූ පෙරේරා
රෝද දෙකක
දෙවෙනි ගියරයට කඩාගෙන
හෙනම හෙමින්
කිසි හදිස්සියක් නැතුව
අතුරු පාරක දෙකක
පැදගෙන යන එක
හරිම රොමෑන්ටික්
වේගෙන්
ආච්චි වැහිලා වගේ
යනවට වැඩිය
තාත්තගේ බයික් එකෙන්
අම්මව දාගෙන
මෝලට යනකොට
මට හිතුණා
වගේ නිකමට
#අනුවා
Comment with Facebook