අත් වැරදුනු හැඟුම්
අත් වැරදුනු හැඟුම්
සිත්තම් මායා | අනූ පෙරේරා
හැඟුම් මොනවා කරන්නද
ගතක අත් වරදකට
ඉතිං හැඟුම් මුල පුරයි
සම පාර්ශවීයයන්ට
ඇලුම් කරන්නට
සමාජයක් එය හෙළා දකීවි
ඔවුන් කුමක් කරන් ද
හැඟීමක උත්තේජන දෝෂයට
විවිධාකාර පැතිකඩ වලින්
අප සැම
ලිංගික කුහකයන් බව
තේරුම් ගන්නාතාක්
අප අපේම සංවේදක තුළ
සම්බාධක යොමා සිටින බව
පිළිගත යුතුම බව
දිනෙක මට සිතුණි
#අනුවා
Comment with Facebook