
ගුප්ත මිනිහෙක් වෙන්ට !
ගුප්ත මිනිහෙක් වෙන්ට !
සිත්තම් මායා | අනූ පෙරේරා
ඒ හිස් කොළය දිහා බලාගෙන මම කල්පනා කළෙම
අපි තනි වෙනකොට තනි වෙන තරමක මහත
හුදෙක් ඒ වෙන්නැති ජීවිතය
අපි නොසිතන තැන් වල
මුහුණ දෙන සතුටුකර - විරහවන්ත
අත්දැකීම
අන්න ඒ තනිවුණු මොහොතක
මමත් වැටුණා එක් නිහඬ කල්පනාවක
මුළු ලෝකයක් ගැටගහන
තනිකරම මූසල සිතුවිල්ලක
දවසක මං තනිවෙයි නේද මෙහෙම
සිතුණා මටම ඇඳට වී සිටින එක් හවසක
මොන මොන විදියට විසඳෙයිද ජීවිත
අපිටවත් නොතේරෙන විදියට
ඉතිං මං මොකටද
දැකලවත් නැති, විඳලාවත් නැති
අනාගතයක් අද දැක දැක
සෝ සුසුම් ලන්නේ
මොකක් හරි හොඳ විදියකින් විසඳේවී ඒ හැමදෙයක්ම
අපි බලා ඉමු
දෛවය කරන සෙල්ලම
හරිම විනෝදයෙන් දරාගෙන ඒ ඛේදය
දන්නවද මං පුරුදු වුණේම
උන්ගේ දුක ආග්රහණය කරන්න
සිනාව බෝ කරන්න
ඒත් මේ ළඟකදී
මගේ දුර මිතුරෙකු මට කිව්වෙම
උඹේ දුක එළියට පෙන්නාපන් ලෙස
ලෝකයාට දැනෙන්නට දෙන්නම එපාලු
උඹ හරි සතුටින් ඉන්නා බව
මොකද දන්නවාද
වදිවිලු ඇස්වහ
මගේ සිරික්කියට දස්සැට් එක එළියට දාගෙන ඉන්න
ඒ මොන බයිලාද, සිතුණා මට එවෙලාවෙදීම
ඒත් නෑ ඇත්ත, ඌ කියපු දේත් හරි බව
මිනිස්සු ඕපන් නෑ
උන් හරි ගුප්ත බව
නෑ ඒක වැරදි නෑ හරි බව
තේරුණා මටත් අද මේ තනි වුණු වෙලාවේම
ඒත් හිතන්නෑ මම
වෙන්න පුළුවන් බව ඒ තරමට අඳුර
ඒත් අපි ට්රයි කරලා බලමුද
ටිකක් හෙමිහිට
ඉතිං අවසරයි මිතුර,
අද සිට සජීවීව
තද තද මෙන් සිතන
ගුප්ත මිනිහෙක් වෙන්ට
#අනුවා
Comment with Facebook