
අන්න ඒ විදියටම ඉවරම වෙලා ගියා
අන්න ඒ විදියටම ඉවරම වෙලා ගියා
සිත්තම් මායා | අනූ පෙරේරා
අන්න ඒ විදියටම
ඉවරම වෙලා ගියා
අපේ ඒ ඒකපාර්ශවීය ආදර කතාව
කිසිම හාවක් හූවක් නැතුවම
හරිම හිමින් ලෝකෙටම රහසින්
එහෙම කාලයක් ගිය එකම එක දවසක
කෙටි පණිවුඩයක් තිබුනාලු එයාගෙන්
ගාණක්වත් නෑ නේද ඔයාට මං ගැන
ඉතිං මං වෙන මොනා කරන්නද
ලෝකයා ඒ සබඳකමට ඉඩ නොදෙනකොට
මට තේරෙන්නෙම නෑ අනිත් උන් මෙන්
ඒ මත්තෙ මැරෙන්නට
ඒත් දන්නවද
තාමත් බැරි උනා මට මගේ සිත
ගන්නට නුඹෙන් අහකට
ඒක ලේසි නෑ තමයි බං
අපි ඔය හිතන තරමට
ඒත් ගැළපෙන්නේ නැහැලුනේ
අපේ මේ තාරුකා එකිනෙක
ඔව් ඔව් තාමත් අපි ප්රාථමික මිනිස්සු
ඉර හඳ තරු දේවත්වයෙන් අදහන්නට
නුඹ කියනා විදියට
ඒත් මොනවා කරන්නද
ඒ දේවල් මට වෙනස් කරන්නට බැරි වෙනකොට
ඔන්න ඔය විදියට
පෙරේදා හවසක මම ඇහුවලු
මගේ හිතවතෙකුගේ දුක
තේරුණේම නෑ බං මට
ඌට උපදෙස් දෙන්නට
ඉතිං මාත් අහගෙන හිටියා
කියන්නට කිසිම දෙයක් නැති තැන
සමාවෙයන් බං නොහැදුවාට උඹේ සිත
සනසමින් කිව්වා මං මටම
#අනුවා
Comment with Facebook