නුඹ
නුඹ
සිත්තම් මායා | මකරි
හාත්පස සිසාරා
සුලඟට පවා මුසු කර
තව තවත් වැඩියෙන්
ආදරෙ ගැන සෙත් කවි
ගැයුවේ ඒ නුඹය.....
ඒ සුලඟම දුලි විසුරවමින්
පෙරලි කර කර
තරවටු කරද්දිත්
කඩුව අතට ගත්තෙ නුඹමය....
වැදි රජුව සිටි නුඹ නමට
අහේතුකව මම මනමේලා ඉවත හල කල
අහස දෙදරවා වැසි වැස්සුවේද ඒ නුඹය....
සියල්ල අවසන අතු ඉදිරි ගිය
මහ රුස්ස ගසක් මෙන්
එකවර බිඳි බිමට වැටුනෙ
ඒ නුඹ තැනු මමමය.....
දැන් එහි "මා" කියා කෙනෙක් නැත
ඇත්තෙ "නුඹ" නමට මතකය පමණි
ඉතින් නුඹ ආ යුතුය...
නමුත්
නැවත නොයා යුතුය....
මකරි
Comment with Facebook