කොළඹ කතාව
සිත්තම් මායා | වරුණ ජයසිංහ
#කොළඹ
එක හුස්මකින් කියල අතෑරියට
හුස්ම සිය දහස් ගණනක එකතුවක්
#කොළඹ
පොඩි වැස්සටත්
උතුරන
අවු රැල්ලටත්
වේලෙන
පොළවක් ,
හෙවනක් තියෙනවනං
එකත් .......
වලාකුළු අල්ලන්න
අහසට හදපු බිල්ඩින් යට තමයි ,
දවල් 12 වෙනකොට
එහෙමවත් නෑ ,
මෙතන ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු
නමුත් ... අසාමාන්‍ය විදිහට පේන හේතුව
එක එක ජාතියේ මිනිස්සු
එකට රංචු ගැහෙන එක ,
අලුතින් මෙහෙට (ලංකාවට) ගොඩබාන
හැම බඩුවක්ම.......
ඉස් ඉස්සෙල්ලම කරක්ගහන තැන
#කොළඹ
(මං කියන්නෙ හැම බඩුවක්ම වගේ )
බස් එකට , කෝච්චියට නැංගත්
ටිකට් එක කොටුවට නම් ......
ටවුන් එකේදී , හන්දියේදී , කඩපිලේදී
නන්නාදුනන එකෙක්
කොහෙද යන්නෙ ඇහුවත්
උත්තරේ කොටුවට නම් .....
ඒ
#කොළඹ
ඉර නොබැස්සත්
හැමදාම හවසට ......
හැම මිනිහෙක්ගෙම දාඩිය , කදුළු අරන්
අළුපාට නිකොටින් දුම් වලා අහසට එකතුවෙන තැන
#කොළඹ
දවස ගානෙම
හතර වටෙන්ම
සිය ගණනක් හිස්ගෙඩි ඇදුනට.....
නවතින්නෙ එහෙමත් එකෙක්
මොකද නවතින්නනම් ඌට පිස්සුවත් තියෙන්නම ඕන
මේ
#කොළඹ
ඉතින් එක එක්කෙනාට
එක එක විදිහට
මේ ඉන්න හැමෝටම පිස්සු
#කොළඹ
මොකද දහස් ගානක් මිනිස්සු හිටියත්
කොන්ක්‍රීට් තට්ටු මැදින්
මූදු හුළගත් එක්ක
හිත් වල පතුලටම කිදාබහින........ හුදකලාව
දරාගන්නවනම් .....
ඒ පිස්සෙක්ම විතරයි ,
ජනතා මනාපය මතින් මැති ඇමතිවරු
ප්‍රාඩෝ වලින්, බෙන්ස් වලින් කාඩ් පිට දියවන්නාවට ඇදෙනකොට
සුදු වෑන් , ඩිෆෙන්ඩර් මිනිස්සුන්ට එවන
#කොළඹ
නමුත්
මේ ගිණි කාස්ටකේ ඉවසන්
කොන්ක්‍රීට් හෙවනක ජිවිතේ අටවන්
මිනිස්සු ඉන්නවනම්......
එහෙම ඉන්න එකට කියන්නෙ
ජිවත් වෙනව කියල නම්.......
ඒකට හොද හේතුවක් තියෙන්නම ඕන
එහෙම එකක් තියෙනව
ඒ තමයි
#කොළඹ
කියන්නෙ
නගරයක් විතරක්ම නොවෙන හැගීමක් ......
ඔව් ..... කොළඹ කියන්නෙ හැගීමක් ,
ගමේ උදවියට පට්ට වුනාට
මෙහේ උන් දන්නව කට්ට බව
#කොළඹ
කොහොමහරි අන්තිමට
මේක නිතරෝම රැල්ල ගහන
නගරයක් ,
නැත්තං හැඟීමක් .......
එහෙම හොදයි
මේක නිතරම රැල්ල ගහන හැඟීමක්
#කොළඹ
- වරුණ ජයසිංහ
Comment with Facebook