පොඩි උන් විශ්වාස කරන තරම අපේ ලොකු පච !
පොඩි උන්ව සනසගන්ඩ
අපි අතාරින ටොම් පච ගැන
උන් හාංකවිසියක දෙයක් දන්නේ නැති බව
තේරුණා මට අද දහවලේ පදමට
ඊයේ පෙරේදා දිනයක මං ආවා ගම්පහ පැත්තට
මාගේ එකම සහෝදරයාගේ ගෙදරට
ආන්යා උන්දෑගේ දියණිය
අගෙයි නේද මං ඇයට දමාපු නම
සුදු නැතත් මම හොඳටම
සුදු නැන්දි කියලයි එයා කතා කරන්නේ මට
නොදන්නවා වගේ හිටියට
මං දන්නවා එයා ආදරේම මට බව
ඒවෙන මොකේටවත් නෙව
හොරවැඩ ජඩ වැඩ වලට අත්උදව් දෙන නිසා මම
නෑ ඒවා බරපතල ඒවා නොව
පුංචි පහේ හුරතල් ඒවා බව
ඊයේ හවස අපි පොඩි පාටියකුත් දැම්මා
හොරාට උඩ තට්ටුවේ සිට
චොක්ලට් ෆින්ගර්ස්, මුරුක්කු, ප්රින්ගල්ස්
තව මොනාද මන්දා ගෙනවා ලඟ කඩෙන් අප
කඩචෝරු කනවයි බනින නිසා ඇගේ මව
හොරාට තමා ඔක්කොම අහවර කලේ අපි
ඒ වැඩේ එල
අද උදේ කියලා ගියේ පාසල් ඇය
' සුදු නැන්දි එනවා නේද දවල්ට මාව ගන්න ඉස්කෝලෙට '
ඒ හැටි නොහිතාම මං කිව්වේ
'අනිවාරෙන්ම අනිවාරෙන්ම' ලෙස ඇයට
ඇත්තමයි හිතුවේ නෑ මම එය
මහා බලාපොරොත්තුවක් වී ඇති බව ඒ පුංචි හිතට
දොළහාමාරට විතර අච්චි අතේ එල්ලීගෙනම
ගෙට ගොඩ උනේ මහ හයියෙන් බෙරිහන් දීගෙනම
හරියටම මිනිත්තු තිහක් ඇය කතා කළේ නෑ
දඬුවම් දෙමින් වාගෙ මට
කෝමින් හරි ශේප්මන්ට් එක්ක දාගත්තේ
කන්නැතුව ගෙදර ගෙනාපු බත් එක අම්මට හොරෙන් විසි කරන පොරොන්දුව මත
දැන් අපි දෙන්නා යාළුයි
හවස පහට උඩට ගිහින් හොරෙන් සැලුන් එකක් දාමු
ඒකයි අද අපේ ප්ලෑන !!
#අනුවා | සිත්තම් මායා
Comment with Facebook