කොරෝනා අස්සේ, වේතනයට වුණු අලකලංචිය ! #ShamelessJournal #Page2
එදා මං කියන්න ගත්තේ මේකයි ! මේ ඇඳිරි නීති කොරෝනා සීන්ස් වෙන්න සතියකට කලියෙන්, කාර්යාල දින පහක් පුරාවට මං කොලොම්පුරේ බඩ ගාපු සිද්දියක්. ඒක මගේ මාසික වේතනය පිලිබඳ ගැටළුවක්. එය නොලැබීම පිලිබඳ ප්‍රස්නයක්. පෙටා වල කොමර්ෂල් බැංකු හෙඩ් ඔපීසියේ සිට hsbc හෙඩ් ඔපීසියටත්, hsbc හෙඩ් ඔපීසියේ සිට නැවත කොමර්ෂල් බැංකු හෙඩ් ඔපීසියටත්, ඒ ඒ බැංකු ඇතුලත ඇවිදපු අඩි ගාණත් හරියටම සමාන උනා ඊට සතියකට පෙර මං නිකමට එහෙ මෙහෙ ඇවිදපු හෙල්ත් ඇප් එහෙක මාසික අඩි ගාණේත් එකතුවට. ඒ මොහොතේ මගේ අතිශය වේදනාකාරී ඉමොෂන් එක නොදැනම වෙන්නැති ඇප් එකෙන් මට සුබ පැතුවේ මං හරියට වීරකමක් කළ ගාණට. ඒ මොහොතේ වයිප් අප් කරලා දැම්මට මොකද පස්සේ ඒක බලලා ටිකක් හිත හදාගත්තා මම. ඉතිං ගූගල්, තැන්කියු ඒකට !
මට ඕනෑ උනේ මං මහන්සි වෙලා උපයා ගත්තු සල්ලි වලට වුණු සන්තැසිය දැනගන්නට. ඒත් අවසානේ මට දැනගන්නට ලැබුණේ, එතැන swift code ප්‍රශ්නයක් ඇති බව පමණමය. ඒ උත්තරය මා සෙවූ උත්තරය කොතරම් දුරට සාධාරණිකරණය කළාද කියන එක හිතාගන්නට බැරිම තැන සෙනඟ නොගැවසුන කොමර්ෂල් බැංකුව පාමුල කොනක පඩියක මුළු මූණම හඟවා ගෙන ඉකි ගැසුවා මතකයි මට. එතකොට දවස් දෙකහා මාරක් නිරාහාරව හිටියේ මම මේ ඛේදාන්තයම හිත හිත. ඒ මගේ ජිවිතේ නොකා නොබී ප්‍රශ්නෙකට තැවුණ එකම අවස්තාව. බ්‍රේකප් එකක්වත් එච්චර සීරියස් අරන් නෑ බං මං කිසම දවසක. ඉතිං මං ඇහැව්වෙම, කොච්චර මහන්සි උනාද යකෝ මං ඒ ප්‍රොජෙක්ට් එකට? අවසානයේ මට ලැබුණ රිවොර්ඩ් එක මේකද ? ඒ වෙනකොට ගේම ඇදගෙන හිටියේ හැමතැනටම. පිටරටින් කියවුණේ බෙනිෆිෂරි බැංකුව මුදල් ලද බවට. හරියටම විස්තර ප්රුෆ් ඩොකියුමන්ට් ෆයිල් පිටින් ඉදිරිපත් කළත් ගණුදෙනුව කොයි ලබ්බක ගියාද සොයාගන්නට බැරි කොමර්ෂල් එකත් බැංකුවක්ද ? හෙන ගහපං ! මේ වහින්නැති හොඳට පායන කාළගුණයේ හෙන ඉල්ලුවා හිතේ වේදනාවටත් එක්කම.
“ඇඩුවයි කියලා ප්‍රශ්න විසදෙන්නෑනේ බං, වරෙන් මොනා හරි කන්ඩ”, මම වාගේම සනසන්න නොතේරෙන මගේ සගයා කිව්වේ මට එහෙම. කොයිතරම් ප්‍රතික්ෂේප කළත්, ඌ කිව්වෙම දැන් උඹව මං උස්සගෙන හරි යන බවට. ඌ කියන දේ කරන එකා. අනික ඒ හයිය ඌට තිවුණා හොඳටම. ඉතිං සැලන්ඩර් වුන මම ඌත් එක්ක ඇදුනා එතැනින් බස් හෝල්ට් එකක් දිහාවට. ටෙලිකොම් එක ගාවින් පාර පනිනකොටත් අපිට හරියටම අයිඩියාවක් තිවුණේ නෑ කොහෙටද යන්නේ මොන බස් එකද ගන්නේ කියලා. ඒත් මේ වෙලාවේ මගේ සගයා ‘බයවෙන්නෙපා බං මං ඉන්නවනේ’ සිතුවිල්ලෙන් කොන්ෆිඩන්ස් පිට ඉන්නවා දැක්කම ඇත්තටම මට උවමනා වුණේ නෑ ඊළඟ මොහොතේ ප්ලෑන ගහන්න. “කොහෙටද බං අනුවා මේ බස් එක යන්නේ?” අම්මපා මූ කෙරෙහි මට ඇති වුණු විස්වාසය ! ඉතිං ඔව්, මං වාගෙමයි මගේ සගයනුත් එක අතකට. මට හිතාගන්න බැරි මිත්‍රවරුනි අන්න ඒ කොටස. ඉතුරු ටික පස්සේ දවසක !
#අනුවා | සිත්තම් මායා
Comment with Facebook