අදට අවුරුදු එකහමාරයි !
තප්පර විනාඩි පැය දවස්
සති මාස අවුරුදු ගෙවී ගිය වේගයෙන්
මට දුවාගන්නට නොහැකි විය
ඉතින් මම දැන් නැවතී බලා සිටිමි
ලෙංගතුකම් සියල්ල වියැකී ගොසිනි
නුඹෙන් ලැබූ අපමණ ප්‍රේමය
දියවී ගියේ ලොසිංජරයක් ලෙසිනි
අහස පොළව ගැටලන්න
කල්පනාවේ නිමග්න වුණත්
මට කල්පනා වුණේම
නුඹේ අහිංසක මූණයි,
ජීවිතේ තියෙන හිස්කමයි.
මම ඒ හිස්කමට ආදරෙයි
නුඹේ ආදරෙත් ඒ හිස්බව වගෙයි
ජනෙල් පඩිය උඩට වී
මම මටම සිනාසෙමි
උඹේ හිස් ආදරේ නිසා
මම මේ කාමරේ ඇතුළෙ හිර වෙලා
අදට අවුරුදු එකහමාරයි !
#රැහැන්මාරා | සිත්තම් මායා
Comment with Facebook