මේ පෑවිල්ලට එයාලට වතුර ටිකක් බොන්න දෙමු !
දවාලෙට පදමට පායන නිසාම
පාන්දරට ටිකක් සීතලයි පින්නයි
උෂ්ණාධික සරීර කූඩුවකට හිමිකම නිසාම
ඒ පාන්දර සීතල මහාමෙරක් වාගේ මට
පාන්දර ඇහැරලා මේ ටිකේම
දවල්ට නිදාගන්න වවුලා වාගේම
පුරුද්දට ඇඟ ඇඩප්ට් වෙන ගානයි
දැන් හෙමි හෙමිහිට
ඒත් මං මේ කල්පනා කළෙම
අපේ රටේ උන් ගස් හිටෙව්වනේ හරි හරියට
ඔව් බං මේ අපිත් ඇතුලත්වම
අහන අහන තැන උන් කිව්වෙම
ගස් ලක්ෂයයි මිලියනයයි ඊටත් අඩු නෑ වැඩි මිස
කෝ අම්මපා එහෙනම් ඒ ගස් ?
උන් හිටියා නම් දරාගන්නවා මේ පෑවිල්ල යසට
මං අහන්නේ, හා නැද්ද ?
හැබැයි උන් කියාපු කතාවත් හරිය
ගස් හිටවපු බව නම් ඇත්ත
ඒවා බලාගත්ත බවට නෑ කිසි සාක්කියක් අතන මෙතන
උන් හැදුවා නම් බලගත්තුවාවේ උන්ම
ඒකද හිතන්නෝනා ලාංකිකයෝ විදියට අපි ගහක් ගැන
කවුරු හැදුවම මොකෝ කාගේ උනාම මොකෝ
වියැලෙන්න යන පැලෙකට
දාමුද අපි වතුට ටිකක් කාට අයිති උනත් මොකද
එයා ලොකු උනාම සලකන්නෑ පංගු පේරුවට,
මිස අපි ඔක්කොටම එකට
ඉතිං අපිත් ආදරේ වෙමු එයාලට !!
මේ වැටෙන සැර පෑවිල්ලට
බොන්න දෙමු වතුර ටිකක් එයාලට
#අනුවා | සිත්තම් මායා
Comment with Facebook