සමාජය ශිෂ්ඨ වුණා නම් මැණික
හිතට හිතෙ දහසකුත් දේවල්
අතර මැද්දෙ තෙරපෙමින් තියෙන
අශිෂ්ඨ වලත්ත කාමුක හැඟීම්
විස්තර කරන්නෙ කොහොමද?
හීතලට ලොකු වෙන
සියුම් තනපුඩු වල
මගෙ මූණ දැවටෙනකොට
නුඹට දැනෙන්නෙ කොහොමද,
විස්තර කරන්න පුළුවන්ද?
මේ බිත්ති හතරෙන් එළියෙ
විනිශ්චමය සමාජයෙන් ඈතට
අපි පියාඹන්නෙ කොහොමද?
නුඹේ බඳ දිගේ පහළට එන
මගේ ඇඟිලි තුඩු වල පහස
නුඹට දැනෙන්නෙ කොහොමද,
ඒක මට කියනවද?
උඹ උඹේ කැමැත්තටත්,
මම මගේ කැමැත්තටත්
ජීවත් වෙන එකේ වරදක් තියෙනවද?
කල්පනා කරල මට කියනවද?
දැන් හෙමින් ඇහිපිය වහන්න..
අපි දැන් තරු පිරුණු අහසෙන්
ඈතින් ඈත එහාට යන්නෙ
විස්මලන්තෙ හොයාගෙන..
සමාජය ශිෂ්ට වුණා නම් මැණික
වෙන්නෙ නෑ උඹටත් මටත්
මේ වගේ අකුරු අස්සෙ "හැමිනෙන්ට!"
ඉතින් එතකම් දැනට
ඔහොම සැනසෙන්න..
උඹ විස්මලන්තෙ යනවා..
ඒකාන්තයි
- රැහැන් මාරා | සිත්තම් මායා
Comment with Facebook