කලුපාට ලෝකයේ දැලි පිහපු සමාව
කොහේ හෝ මිය යන
වේදනාබර ආත්මයක
යටි ගිරි පුපුරුවන කෑගැසුම්
මගේ සවනත පුපුරුවන තරමට
දැඩිව ඇසෙන නමුදු
ආයාසයෙන් මම සිනහසෙමි..
යන එන අය බොහෝ සිටිය ද
නතරවන්නට කවුරුවත් නැත
බලාපොරොත්තුත් පොරොන්දුත් යනු
හුදෙක් ගූ බෙටි පමණක් ම බව
දැන් මම දනිමි.
"සමාවෙන්න"
සිදුවුණු අත්වැරදීම්
හිතාමතාම කළ කැතකම්
අමතක කර දමන්නට තිබූ
වටිනාම වචනය වූ නමුත්
කලුපාට ලෝකයේ
දැලි ගෑවුණු වැරදි පිහිදාපු
ශ්වේත වර්ණිත සමාව
දැන් චූදිතයින්ගේ මලපහ පිහින
හම්පඩ වූ රෙදි කැබැල්ලකි
ඉතින් සමාවක් අවැසි නැත
මනුෂ්‍යත්වය ප්‍රගුණ කරමින්
සිනහ වෙමින් හුස්ම ගනිමින්
හෙමින් යන්නෙමි..
නොසැලකිලිමත්,
බැඳීමක අගය නොදන්නා
මිනිස් වෙස් ගත් සතුන් හට
මනුෂ්‍යත්වය උගන්වන
මනුෂ්‍යයා මම වෙමි !
රැහැන් මාරා | සිත්තම් මායා
Comment with Facebook