ඒ පරවුණු මල් මං ඇහින්දා !
ඒ පරවුණු මල් මං ඇහින්දා !
____________________
මම ඉන්න තැනක
තිබුණෙම හිනාව
ඒ හිනාව ඇතුලෙ හැංගුන
විප්ලවකාරී ශෝකය
නැගුව වේදනාකාරී විලාපය
ඇහුන නෑහුන ගාණට
මං හිටියා හිනාවේගනම
ලෝකය ගන්නා හුස්මෙන්
නිරන්තරයෙන් ලැබූ පන්නරය
කිසිදාක නොමියෙන ව්‍යාජවාදය
දිනෙන් දිනම ආත්ම සම්මුඛව
හිස්කම වැපිරෙව්වා
දවස පුරාම හිනාවෙලා
හැමදාම වතුර මල අස්සෙ
නන්නත්තාර කඳුළු බිඳු මං හැංගුවා
අරලිය මල් මැරුණු ආත්ම වෙනුවෙන්
හැමතැනම සුවඳ පතුරවද්දී
මම ඒ මල් එක්ක හිනාවුණා
මගේ සුසුම් සුවඳ සමග
පිම්මේ හමායන විට
මුහුදු වෙරළට මැදියම් රැය උදා වුණා
අරලිය සුවඳ තවම එහෙමයි
සොහොන් කොත් හරිම පාළුයි
පිපුණු මල් මං එක්ක හිනාවෙනකොට
ඒ පරවුණු මල් මං ඇහින්දා
රැහැන් මාරා | සිත්තම් මායා
Comment with Facebook